Sunday, September 29, 2013

නෙළුම් අල මාළුව සැදීම

අවශ්‍ය ද්‍රව්‍ය
නෙළුම් අල 400 g
රටළූණු ගෙඩි 2
අමුමිරිස් කරල් 3
උළුහාල් තේ හැඳි 1/4
කුරුඳු පොතු අඟල් 1/2
කරපිංචා ඉති 2
උම්බලකඩ මේස හැඳි 6
කිරි කෝප්ප 2
අමු තුනපහ තේ හැඳි 2
බැදපු තුනපහ තේ හැඳි 2
ලීක්ස් ගහේ දඬු 2


සාදන ආකාරය
නෙළුම් අල වතුරේ පෙඟෙන්නට තබා සිදුරුවල ඇති මඩ ඉවත් කර ගන්න. අලය හොඳින් සූරා ඇලයට පෙති ගසාගන්න. උණු වතුර භාජනයක් ගෙන පෙති ගසාගත් නෙළුම් අල ටික පෙඟෙන්නට තබන්න. යළිත් වතුර දමා සෝදාගන්න. භාජනයක් ගෙන නෙළුම් අල ටික දමා, රටළූණු හීනියට කපා දමන්න. අමුමිරිස් ඇලයට කපා එයටම දමන්න.
උළුහාල් කුරුඳු පොතු, කරපිංචා, අමු තුනපහ, බැදපු තුනපහ සහ සිහින්ව ලියාගත් ලීක්ස් ගහේ දණ්ඩ එකතු කර ගන්න. එයට දියකිරි ස්වල්පයක් දමා ළිපේ තබන්න. නෙළුම් අල තැම්බීගෙන එන විට උම්බලකඩ සහ කරපිංචා ඉති දෙකක් දමා මිටිකිරි එකතු කර හොඳින් හින්දා ළිපෙන් බාගන්න. තමන්ට කැමති පරිදි ලුණු එකතු කරන්න.

No comments:

Post a Comment